සදාචාරය සංස්කෘතිය යන වචන මත දෝලනය වෙමින් පුද්ගලයන් තමන්ගේ හැගීම් පාලනය කිරීමට වෙර දරමින් සිටි.ලාංකීය සමාජය තුල ගැහැනිය යන චරිතය අසරන කරමින් පුරුශයා දේවත්වයෙන් සලකා පනින රිලවුන්ට ඉනිමන් බදී.කාන්තාවක් යම් තැනකදී අසරන වුවහොත් සමාජය ඇයට ගල් ගසති.ඇය බඩුවකි, නැතහොත් වේ...කි.එසේ අමතන ගැහැණියගෙන් හුදෙක් ආසාවන් සපුරා ගන්නා පිරිමියා උත්තමයෙකි සමාජය ඉදිරියේ සුදු චරිතයකි බිරිදට දෙවියෙකි.මංගල යහනේ චරිත සහාතිකය සොයනා පිරිමියා කයින් සිතින් කී දෙනෙකු සමග යහන් ගත වුවාදැයි ඔහුත් නොදන්නවා විය හැක.හුදෙක් මා මේ අදහස් කරන්නේ පිරිමියා වරදේ බැදිම සදාරනය කොට ගැහැණියද එසේ වුවාට වරදක් නැත යන්න නොවේ.මා පවසන්නේ වරදේ බැදෙමින් ලොවට බණ දෙසන කොටසට පමනි.ගැහැණිය වු කල ළැදැරියක්,තරුනියක්,පෙම්වතියක්,බිරිදක් සහා මවක් යන ශේෂ්ට චරිතාංග රැසක් සමාජය ඉදිරියේ රගන අයෙකු ලෙස තමාට හිමි නිසි ගරුත්වය,සුකුමලබව සහා චරිතවත් බව රැකගෙන සමාජයට ආදර්ශමත් ලෙස දිවිගෙවිය යුතුය.නමුත් පනින රිලවුන්ට ඉනිමන් බැදිම නවතා දැමිය යුතුය.විවිදත්වය හමුවේ හබාගොස් හැමදාම කන පරිප්පු හොද්ද රසමදිවී චොප්සි රයිස් කා කොලොස්ට්‍රොල් වැඩිවී නිවසට පැමිනෙන පිරිමියාට සාත්තු සප්පායම් කිරිම නවතා තම දෙපයින් නැගි සිටීමට වගබලාගත යුතුය.
නවාගෙට ගත හැක යන
සංකල්පය මත
අයාලේ යන පුරුශයා
දෙපාසිබ පිලිගනී
රැක ගන්න තම
දරුපවුල...........