Search This Blog

Saturday, 28 December 2013

සදාචාරය.......

සදාචාරය සංස්කෘතිය යන වචන මත දෝලනය වෙමින් පුද්ගලයන් තමන්ගේ හැගීම් පාලනය කිරීමට වෙර දරමින් සිටි.ලාංකීය සමාජය තුල ගැහැනිය යන චරිතය අසරන කරමින් පුරුශයා දේවත්වයෙන් සලකා පනින රිලවුන්ට ඉනිමන් බදී.කාන්තාවක් යම් තැනකදී අසරන වුවහොත් සමාජය ඇයට ගල් ගසති.ඇය බඩුවකි, නැතහොත් වේ...කි.එසේ අමතන ගැහැණියගෙන් හුදෙක් ආසාවන් සපුරා ගන්නා පිරිමියා උත්තමයෙකි සමාජය ඉදිරියේ සුදු චරිතයකි බිරිදට දෙවියෙකි.මංගල යහනේ චරිත සහාතිකය සොයනා පිරිමියා කයින් සිතින් කී දෙනෙකු සමග යහන් ගත වුවාදැයි ඔහුත් නොදන්නවා විය හැක.හුදෙක් මා මේ අදහස් කරන්නේ පිරිමියා වරදේ බැදිම සදාරනය කොට ගැහැණියද එසේ වුවාට වරදක් නැත යන්න නොවේ.මා පවසන්නේ වරදේ බැදෙමින් ලොවට බණ දෙසන කොටසට පමනි.ගැහැණිය වු කල ළැදැරියක්,තරුනියක්,පෙම්වතියක්,බිරිදක් සහා මවක් යන ශේෂ්ට චරිතාංග රැසක් සමාජය ඉදිරියේ රගන අයෙකු ලෙස තමාට හිමි නිසි ගරුත්වය,සුකුමලබව සහා චරිතවත් බව රැකගෙන සමාජයට ආදර්ශමත් ලෙස දිවිගෙවිය යුතුය.නමුත් පනින රිලවුන්ට ඉනිමන් බැදිම නවතා දැමිය යුතුය.විවිදත්වය හමුවේ හබාගොස් හැමදාම කන පරිප්පු හොද්ද රසමදිවී චොප්සි රයිස් කා කොලොස්ට්‍රොල් වැඩිවී නිවසට පැමිනෙන පිරිමියාට සාත්තු සප්පායම් කිරිම නවතා තම දෙපයින් නැගි සිටීමට වගබලාගත යුතුය.

නවාගෙට ගත හැක යන
සංකල්පය මත
අයාලේ යන පුරුශයා
දෙපාසිබ පිලිගනී
රැක ගන්න තම
දරුපවුල...........

Thursday, 26 December 2013

අසම්මතය.........

 සම්මතය
 හිස දරා
 අසම්මතයේ
 සැරිසරන
 ඔබත්
 මාත්
 වැද්දන්ට
 බණ දෙසති....

Thursday, 12 December 2013

online ප්‍රේමය..

ලැබුනි තවත් එක්
frnd request එකක්
නිකමට මෙන්
 බැලුවෙමි cnfrm කොට
tnz 4u r accept my frnd reqst
 ලැබුනි ප්‍රතම mzg  එක
 දිනෙන් දින hi ,bye
කියමින් දොඩමලුවිය
 නිතරම...
commentz,like,4toz tag
 දිනෙන් දින වැඩිවිය
change විය relationship එක
u r relation with ____ බවට
Skype , facebook
 නැතුවම බැරිවිය
 නොසිතුව මොහොතක
පරිඝනකය අඩපන විය
 දින සති ගත විය
log උනෙමි මුහුනු පොතට
unfrnd  කොට තිබුනි මිතුදම
online ප්‍රේමය
delete විය  මතකයෙන්

ආගන්තුක හිතවතිය -2

සති අන්තයේ දවස් ගානක් ගෙවපු විඩාබර බවට කෙටි නිවාඩුවක් ලෑබුන.හෑමදාම විහග ගීයෙන් දවස ආරම්බයත් එක්ක දවස පටන් ගන්න මම නිවසට එන්නේ හොදටම හෙම්බත් වෙලා.අනාගතය ගෑන එතරම් නොසිතම මම, ඒත් මගේ රාජකාරිය දේවකාරිය වගේ කරන්න පුරුදු උනේ අප්පච්චිගෙන් ලෑබුනු උපදෙසක් විදිහට.දවස් පහේම ගෙවන විඩාබර ජීවිතයෙන් බිදක් ඈත් වෙන්න ලෑබෙන්නේ සති අන්තයේ ගෙවන කෙටි නිවාඩුවෙන්.එත් ඒ දවස් දෙක අවසානය වනවිට මගේ හිතට හෑමදාම දෑනෙන පාලුව ,තනිකම කියනදේ අනන්තයටම දෑනිලා තිබුනා.නිවසේ මිනිපහන වගේ හිටිය ආදරනීය මෑනියන්ගේ වියොවෙන් පසුව නිවසේ තිබුන පිරුනු ගතිය නෑතිවෙලා ගියේ නිවසේ පහන් සිලුව හොරු අරගෙන ගියා වගේ.අක්කලා හිටියත් එයාලටම කියලා ජිවිතයක් පටන් ගෙන තිබුන නිසා එයාලටත් වෑඩිය අපිට සමීපවෙන්න බෑරි උනා.
                       අද සෙනසුරාදා දවසක්  උන නිසා ටිකක් පරක්කු වෙලා අවදි උනත් ගතට දෑනෙන සෑහෑල්ලුව හිතටනම් බිදක්වත් දෑනුනේ නෑහෑ.කරන්න කිසිම දෙයක් නොවුනු නිසා පොත් රාක්කය අස්කරන්න ඕනේ කියලා හිතුනේඅවුරුද්දක් අවසානය පෑමිනිලා තියෙන මේ මොහොතේ අබ්යන්තරයෙන් වෙනසක් නොවුනත් බාහිර පරිසරය හරි අලුත් කරන්න ඕන නිසා.දුවිලි වෑදිලා පරන වෙලා තිබුන මේ පොතුත් මගේ ජිවිතය වගේ.ඒත් මම මේ පොත් වෙලට බොහොසේ ආදරය කාලා.පාසල් යන කාලයේ ඉදලම පොත් කියවන එකට මගේ රුචිකත්වයක් තිබුනා.පොත් එකින් එක පිසදමමින් තබන අතරතුර මගේ නෙත ගෑටුනේ වසර ගනනාවක් පරන මගේ දින පොතක්.එහි පිටු එකින් එක පෙරලද්දි මගේ මගේ නෙත නතර උනේ එක් සන්දිස්තානයක්.
      2006  ජුලි 25 අගහරුවාදා - අදත් උදෙන්ම නෑගිටිනකොට අම්මට  ටිකක් අසනීපයි.ඒත් වෑඩට යන්න ඕනම නිසා ගියත් කිසිම වෑඩක් අද හරියට කරගන්න බෑරි උනා.ඒ හෑමදේටම වෑඩිය අද දවසේ කාලයක් ඉදලා හම්බවෙනකන් බලාගෙන හිටිය හුරුපුරුදු බවක් දෑනෙන කෙනෙක් මට හම්බවුනා.අම්මට බෙහෙත් ගන්න සල්ලි ගන්න බෑංකුවට ගියාම කාඑ එක දාලා අවෑවිත්.මට එක පෙන්නුවේ එයා.කහාපාට ලස්සන මල් වෑටුනු ගවුමක් ඈදලා උරහිස තෙක් වෑටිලා තිබුනු කෑරලි ගෑසුනු කොන්ඩය පුන්චි ලස්සන මූන මට තාම මෑවිලා පේනවා.
දිනපොතේ රෑදිලා තිබුන ඒ සිදුවීම අලුත් වෙලා මට දෑනුත් තිරගත් වෙනවා.අවුරුදු ගානකට පෙර මම ඒ ලියලා තිබුනේ අද මට ආගන්තුක ඈය මට මුලින්ම මුනගෑසුනු විදිහ.එදා ඈය ගෑන මේ වගේ ලියන්න තරම් විශේශ උනේ මා දුටු බොහෝ ගෑහෑනු ලමයි අතරේ නෑති විශේශ බවක් මා දුටු නිසා.එක් වරක් බෑලු කෙනෙක් තවත් පාරක් බලන්න තරම් සුන්දරත්වයක් ඈගේ රෑදිලා තිබුනා.ඒ කටහඩ ගොඩක් අහිංසක උනා.එදා ඒ මොහොතේ මම හීනෙන්වත් හිතුවේ නෑහෑ මේ නාදුනන අහිංසකාවි මගේ ජීවිතයේ ප්‍රදාන චරිතයක් වේවි කිය්ලා.අහම්බෙන් හමුවෙලා ප්‍රදාන චරිතයක් උන ඈය නොසිතුව මොහොතක ඒ රංගනය නිමාකරනවා කියලා එදා මට පෙර පිනකට හරි දෑනුනනම් අද මගේ ජීවිතය මේ මොහොත වන විට වෙනස්ම මගක ගිහින් තියෙන්න තිබුනා.
                            ලෙංගතු බෑදිමක -නටබුන් ඈදි නෙතු අද
                           මෑකී ගිය සිතුවමක සේයා -පෙනේ මට අද
                           දගකාර රිද්මයට-සෑනින් මුව හසුරුවන
                           වරක් පමනක් නෙවේ-ඈදේයි සිත දෙවරක්ම
                           වීදියේ මගතොටේ -දහස් නෙතු ගෑටුනිද
                           හමුවුවද මට අහිමි-සෙවු තනි තරුව නුබ
                          ඔබ ලියුපෙම් කවිය-කියෙව්වත් පේලි පද ටික
                          ගයන්නේ කෙසේ මම -තනු අහිමි කවිය නුබ
                          දෑන් පාට දේදුන්න -වෑස්ස එන්නටද පෙර
                          දරාගෙන බිදුනු සිත-දෑන් ඉතින් යායුතුය....

Wednesday, 11 December 2013

නෙතු ලංකා...

නෙත් පොවන මානයෙන් ඔබ්බට දිවෙන සයිබර් පෙරලියේ කෝඩුකාර මිතුරු හවුල www.nethulanka.com

ඔබ කැමතිම ගීත අපගේ ස්වංක්‍රීය ගීත ලබාදීමේ සේවයට යොමු කරන්න.
පැය 24 පුරාවටම ගීත ඉල්ලීම් යොමු කරන්න...........


Mobile Radio : http://tunein.com/radio/Nethulanka-Radio-s184567/
Web Radio : www.nethulanka.com



 

සෝම හිමියන් ..





2013 දෙසැම්බර් මස 12 වන දින අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිරදුන් අපවත් වී වසර 10ක් සම්පුර්ණ වේ! මේ සැවොමගේ කුසල් බලයෙන් සෝම සමිඳුන්ට උතුම් අමා මහ නිවන් සුවය කලින්ම අත්වේවා! නිවන් දකින්නට පෙර යළිත් වඩිනු මැනවි හිමි සඳුනේ! සාධු! සාධු! සාධු! _/\_

                                                             ඔබේ පා යුග දන නමන්නට
                                                             ඔබේ සෙවනේ රෑඳී ඉන්නට
                                                             අපි ලෑබූ පිං අපිට අද හිමිනෑ...
                                                             අනේ අපි අද අසරණයි
                                                             සෝම හාමුදුරුවනේ
                                                             අපේ හාමුදුරුවනේ..

 

ආගන්තුක හිතවතිය...

රත්න වර්නයෙන් හිරු බෑසගෙන යන සෑන්දෑවේ හිතේ තියෙන පාලුවත් විඩාබර බවත් නෑතිවෙන්න කියලා හිතලා නිවසින් පිටවුන මාගේ දෙපා සෙමින් සෙමින් සෙන්දුවුනේ පරක්තෙරක් නොපෙනෙන මහා සාගරය දෙසට.හෑමදාම ගෙවන ඒකාකාරී බවෙන් මිදෙන්න කියලා නිවසින් පිට උනත් හිතට නොදෑනෙන මහා බරක් මේ ගමනෙදි එක්වෙනවා කියලා මොහොතකට හරි හිතුන නම් හෑමදාම ගෙවන ඒකාකාරිබව සෑපක් කියලා ගෙදරටම වෙලා පාලු බිත්ති හතරටම මෑදිවෙලා ඉන්න තිබුනා.කොන්ක්‍රිට් බංකුවේ වාඩිවෙලා දුම්වෑටියක් දල්වා ගත්තේ පුරුද්දට වගේ.හිතට දෑනෙන නොදෑනෙන මේ හෑගීම තේරුම් ගන්න පුලුවන් හොදම තෑනට මං පෑමිනිලා තිබුනා.ලගපාත වෑඩිදෙනෙක් නොවුන නිසා සෑදෑ අදුර ගොසාකාරී බව මගේ දෑහෑනට බිදකින්වත්  බාදාවක් උනේනෑහෑ.මීට වසර කිහිපයකටම පෙර මගේ ජිවිතේ බොහෝ දේවල් මේ මහා සාගරය දෑනගෙන  හිටියා.ඈයත් මාත් නිරන්තරයෙන් හමුවුන,ආදරයෙන් වේලිසිටි වගේම මගෙන් සමුගන්නා පුවතත් මට ලබා දුන්නේ මේ මහා සාගරය බලාගෙන සිටියදි.සිව්වසරක ප්‍රේමය ඈය මේ මහා සාගරයට විසිකරලා දෑම්මේ මගේ ජිවිතය  අන්ත අසරන තෑනටම ඈදදමමින්.අදත් මට තේරුම් ගන්න බෑරි එකම දේ තමයි මගේම ආත්මයේ කොටසක් වෙල සිටිය ඈය මගෙන් ඈත් වෙන්න තරම් කොහොමද ඒ හිත හදාගත්තේ කියලා.මගේ ආත්මයටම කාවෑදිලා හිටිය ඈයගේ වෙන්විම මගේ ජිවිතයේ අලුත් පෑතිකඩක් විවර කරන්න සමත් උනා.මගෙන් වෙන්වෙලා වෙනත් කෙනෙක්ගේ සෙවනට ඈය ගියේ මගේ ජිවිතයේ අන්තිම හුස්ම බිදත් මගෙන උදුරගෙන.එදා සිට අද වෙනකන් මගේ ජිවිතයෙ කිසිම අරමුනක් තිබුනේ නෑහෑ,ඉදිරියටත් එහෙමයි.විටින් විට ඈය පිලිබද ආරංචි ලෑබුනත් වෑඩිදුරටත් ඒ ගෑන උනන්දුවක් දක්වන්න මගේ හිත පෙලබුනේ නෑහෑ.කොහේ හරි තෑනක සතුටින් ඈය ඉන්නවනම් මගේ එකම ප්‍රාර්තනාව උනේ එයයි.
                                සිතිජය සිපගනිමින් සිටින හිරු අද දවසේ නිමාව සනිටුහන් කරමින් සිටියත් මගේ දෙපා නෑවත නිවසට පියමනින්න එසවුනේ නෑහෑඅ.සෑදෑ කලුවර සෙමින් සෙමින් ගලාගෙන එද්දි ,නොසිතුව මොහොහොතක මගේ නෙත ගෑටුන දසුනෙන් ඈගහිරි වෑටියන්නාසේම මගේ දෑස් මටම අදහාගන්න බෑරි උනා.මා සිටින දෙසට සෙමින් සෙමින් පියමනිමින් සිටියේ මා කලක් මගේ ජිවිතයම කොට සෑලකුව මගේ පුංචි සුරන්ගනාවි.ඒත් එදා මා ඈගේ දුටු කෝමල බව අද ඈයතුල දකින්න ලෑබුනේ නෑහෑ.ඈය සමග සිටි කුඩා දියනිය ඈයගේ විය යුතු බව මට හෑගුනේ ඒ මුහුනුවරම නිසාවෙනි.සෙමින් සෙමින් මා වෙතට පෑමිනි ඈය ,ඈයටම ආවේනික වු සිනහාවෙන මට සංග්‍රහකලේ මගේ මතකය අවුරුදු ගනනකට ඈතට ගෙන යමින්.ඈයගේ පෙර මා දුටු කෙලිලොල් බව ඈගෙන බොහෝ ඈතට ගොස් තිබුනා,ඒවෙනුවට ඈයගෙන් මට පිලිබිබු වුනේ පරිපුර්න ගෑහෑනියකගේ ස්වරුපය.මා සමග ඈයගේ තොරතුරු පවසමින් බොහෝ සුහදව දොඩමලු වු ඈය මගෙන් වෙනවී යන මොහොතේ තුනී තෙතමනයක් දෙනෙතෙහි රදවා ගෙන බව සිහිවන විට ඈය පිලිබද මගේ සිතට ගෙන් දුන්නේ මට හිමිව තිබු වස්තුවක් මට පෙනි පෙනිම අහිමිවි ගියා කියන දුකක්.කාලයක් මගේ උන ඒ වස්තුව අද මට ආගන්තුක බවක් ගෙන දුන්නත් ,මම ඒ ආගන්තුක බවට දොස්පවරන්නේ නෑහෑ.
                                                  එදා ඒ සිදුවිමෙන් පස්සේ දවස්  ගනනක් යනතෙක් මගේ සිතේ ඈයගේ මතකය සක්මන් කෙරුවත් නෑවතත් සුපුරුදු කාර්යබහුලකම හා ඒකාකාරීබව සමග ඒ සිදුවීම මගෙන් ඈතට ගියත් අද මේ සටහන ලියන මොහොතෙත් ඒ ආගන්තුක බවට පිටුපාලා හෑමදාම තියෙන මගේ ඒ ආත්මීය බෑදිම පෙරට එනවා.
                                        
      ගාලුකොටු බෑමි ඉවුරේ- කවි කිවු සදවතිය
                                               තුරුල් වී පපුතුරුලේ- ලංව සිටි අතීතය
                                              ඈත යන රුවල් නෑව- දෙස බලා කියු දෙය
                                                සුලග නෑති රුවලකට- සමානයි  ආදරය..
                                             නාදුනන ඔහුගේ සිතේ-මල් සිනහා පෙන්නන
                                         මහාමෙරක් මගේ ස්නෙහේ-පසෙකලා පෑනයන්න
                                           නාදුනන ඔහු වෙතට -බය නෑද්ද ලංවෙන්න..
                                             පෙර මගේම වුව නුබ-අහිමි වු බව සෑබෑයි
                                                ආගන්තුකය වූ-සදවතිය ඔබ මගේයි...............