සති අන්තයේ දවස් ගානක් ගෙවපු විඩාබර බවට කෙටි නිවාඩුවක් ලෑබුන.හෑමදාම විහග ගීයෙන් දවස ආරම්බයත් එක්ක දවස පටන් ගන්න මම නිවසට එන්නේ හොදටම හෙම්බත් වෙලා.අනාගතය ගෑන එතරම් නොසිතම මම, ඒත් මගේ රාජකාරිය දේවකාරිය වගේ කරන්න පුරුදු උනේ අප්පච්චිගෙන් ලෑබුනු උපදෙසක් විදිහට.දවස් පහේම ගෙවන විඩාබර ජීවිතයෙන් බිදක් ඈත් වෙන්න ලෑබෙන්නේ සති අන්තයේ ගෙවන කෙටි නිවාඩුවෙන්.එත් ඒ දවස් දෙක අවසානය වනවිට මගේ හිතට හෑමදාම දෑනෙන පාලුව ,තනිකම කියනදේ අනන්තයටම දෑනිලා තිබුනා.නිවසේ මිනිපහන වගේ හිටිය ආදරනීය මෑනියන්ගේ වියොවෙන් පසුව නිවසේ තිබුන පිරුනු ගතිය නෑතිවෙලා ගියේ නිවසේ පහන් සිලුව හොරු අරගෙන ගියා වගේ.අක්කලා හිටියත් එයාලටම කියලා ජිවිතයක් පටන් ගෙන තිබුන නිසා එයාලටත් වෑඩිය අපිට සමීපවෙන්න බෑරි උනා.
අද සෙනසුරාදා දවසක් උන නිසා ටිකක් පරක්කු වෙලා අවදි උනත් ගතට දෑනෙන සෑහෑල්ලුව හිතටනම් බිදක්වත් දෑනුනේ නෑහෑ.කරන්න කිසිම දෙයක් නොවුනු නිසා පොත් රාක්කය අස්කරන්න ඕනේ කියලා හිතුනේඅවුරුද්දක් අවසානය පෑමිනිලා තියෙන මේ මොහොතේ අබ්යන්තරයෙන් වෙනසක් නොවුනත් බාහිර පරිසරය හරි අලුත් කරන්න ඕන නිසා.දුවිලි වෑදිලා පරන වෙලා තිබුන මේ පොතුත් මගේ ජිවිතය වගේ.ඒත් මම මේ පොත් වෙලට බොහොසේ ආදරය කාලා.පාසල් යන කාලයේ ඉදලම පොත් කියවන එකට මගේ රුචිකත්වයක් තිබුනා.පොත් එකින් එක පිසදමමින් තබන අතරතුර මගේ නෙත ගෑටුනේ වසර ගනනාවක් පරන මගේ දින පොතක්.එහි පිටු එකින් එක පෙරලද්දි මගේ මගේ නෙත නතර උනේ එක් සන්දිස්තානයක්.
2006 ජුලි 25 අගහරුවාදා - අදත් උදෙන්ම නෑගිටිනකොට අම්මට ටිකක් අසනීපයි.ඒත් වෑඩට යන්න ඕනම නිසා ගියත් කිසිම වෑඩක් අද හරියට කරගන්න බෑරි උනා.ඒ හෑමදේටම වෑඩිය අද දවසේ කාලයක් ඉදලා හම්බවෙනකන් බලාගෙන හිටිය හුරුපුරුදු බවක් දෑනෙන කෙනෙක් මට හම්බවුනා.අම්මට බෙහෙත් ගන්න සල්ලි ගන්න බෑංකුවට ගියාම කාඑ එක දාලා අවෑවිත්.මට එක පෙන්නුවේ එයා.කහාපාට ලස්සන මල් වෑටුනු ගවුමක් ඈදලා උරහිස තෙක් වෑටිලා තිබුනු කෑරලි ගෑසුනු කොන්ඩය පුන්චි ලස්සන මූන මට තාම මෑවිලා පේනවා.
දිනපොතේ රෑදිලා තිබුන ඒ සිදුවීම අලුත් වෙලා මට දෑනුත් තිරගත් වෙනවා.අවුරුදු ගානකට පෙර මම ඒ ලියලා තිබුනේ අද මට ආගන්තුක ඈය මට මුලින්ම මුනගෑසුනු විදිහ.එදා ඈය ගෑන මේ වගේ ලියන්න තරම් විශේශ උනේ මා දුටු බොහෝ ගෑහෑනු ලමයි අතරේ නෑති විශේශ බවක් මා දුටු නිසා.එක් වරක් බෑලු කෙනෙක් තවත් පාරක් බලන්න තරම් සුන්දරත්වයක් ඈගේ රෑදිලා තිබුනා.ඒ කටහඩ ගොඩක් අහිංසක උනා.එදා ඒ මොහොතේ මම හීනෙන්වත් හිතුවේ නෑහෑ මේ නාදුනන අහිංසකාවි මගේ ජීවිතයේ ප්රදාන චරිතයක් වේවි කිය්ලා.අහම්බෙන් හමුවෙලා ප්රදාන චරිතයක් උන ඈය නොසිතුව මොහොතක ඒ රංගනය නිමාකරනවා කියලා එදා මට පෙර පිනකට හරි දෑනුනනම් අද මගේ ජීවිතය මේ මොහොත වන විට වෙනස්ම මගක ගිහින් තියෙන්න තිබුනා.
ලෙංගතු බෑදිමක -නටබුන් ඈදි නෙතු අද
මෑකී ගිය සිතුවමක සේයා -පෙනේ මට අද
දගකාර රිද්මයට-සෑනින් මුව හසුරුවන
වරක් පමනක් නෙවේ-ඈදේයි සිත දෙවරක්ම
වීදියේ මගතොටේ -දහස් නෙතු ගෑටුනිද
හමුවුවද මට අහිමි-සෙවු තනි තරුව නුබ
ඔබ ලියුපෙම් කවිය-කියෙව්වත් පේලි පද ටික
ගයන්නේ කෙසේ මම -තනු අහිමි කවිය නුබ
දෑන් පාට දේදුන්න -වෑස්ස එන්නටද පෙර
දරාගෙන බිදුනු සිත-දෑන් ඉතින් යායුතුය....

This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deletelassanai chaya nange
ReplyDelete