රත්න වර්නයෙන් හිරු බෑසගෙන යන සෑන්දෑවේ හිතේ තියෙන පාලුවත් විඩාබර බවත් නෑතිවෙන්න කියලා හිතලා නිවසින් පිටවුන මාගේ දෙපා සෙමින් සෙමින් සෙන්දුවුනේ පරක්තෙරක් නොපෙනෙන මහා සාගරය දෙසට.හෑමදාම ගෙවන ඒකාකාරී බවෙන් මිදෙන්න කියලා නිවසින් පිට උනත් හිතට නොදෑනෙන මහා බරක් මේ ගමනෙදි එක්වෙනවා කියලා මොහොතකට හරි හිතුන නම් හෑමදාම ගෙවන ඒකාකාරිබව සෑපක් කියලා ගෙදරටම වෙලා පාලු බිත්ති හතරටම මෑදිවෙලා ඉන්න තිබුනා.කොන්ක්‍රිට් බංකුවේ වාඩිවෙලා දුම්වෑටියක් දල්වා ගත්තේ පුරුද්දට වගේ.හිතට දෑනෙන නොදෑනෙන මේ හෑගීම තේරුම් ගන්න පුලුවන් හොදම තෑනට මං පෑමිනිලා තිබුනා.ලගපාත වෑඩිදෙනෙක් නොවුන නිසා සෑදෑ අදුර ගොසාකාරී බව මගේ දෑහෑනට බිදකින්වත් බාදාවක් උනේනෑහෑ.මීට වසර කිහිපයකටම පෙර මගේ ජිවිතේ බොහෝ දේවල් මේ මහා සාගරය දෑනගෙන හිටියා.ඈයත් මාත් නිරන්තරයෙන් හමුවුන,ආදරයෙන් වේලිසිටි වගේම මගෙන් සමුගන්නා පුවතත් මට ලබා දුන්නේ මේ මහා සාගරය බලාගෙන සිටියදි.සිව්වසරක ප්‍රේමය ඈය මේ මහා සාගරයට විසිකරලා දෑම්මේ මගේ ජිවිතය අන්ත අසරන තෑනටම ඈදදමමින්.අදත් මට තේරුම් ගන්න බෑරි එකම දේ තමයි මගේම ආත්මයේ කොටසක් වෙල සිටිය ඈය මගෙන් ඈත් වෙන්න තරම් කොහොමද ඒ හිත හදාගත්තේ කියලා.මගේ ආත්මයටම කාවෑදිලා හිටිය ඈයගේ වෙන්විම මගේ ජිවිතයේ අලුත් පෑතිකඩක් විවර කරන්න සමත් උනා.මගෙන් වෙන්වෙලා වෙනත් කෙනෙක්ගේ සෙවනට ඈය ගියේ මගේ ජිවිතයේ අන්තිම හුස්ම බිදත් මගෙන උදුරගෙන.එදා සිට අද වෙනකන් මගේ ජිවිතයෙ කිසිම අරමුනක් තිබුනේ නෑහෑ,ඉදිරියටත් එහෙමයි.විටින් විට ඈය පිලිබද ආරංචි ලෑබුනත් වෑඩිදුරටත් ඒ ගෑන උනන්දුවක් දක්වන්න මගේ හිත පෙලබුනේ නෑහෑ.කොහේ හරි තෑනක සතුටින් ඈය ඉන්නවනම් මගේ එකම ප්‍රාර්තනාව උනේ එයයි.
සිතිජය සිපගනිමින් සිටින හිරු අද දවසේ නිමාව සනිටුහන් කරමින් සිටියත් මගේ දෙපා නෑවත නිවසට පියමනින්න එසවුනේ නෑහෑඅ.සෑදෑ කලුවර සෙමින් සෙමින් ගලාගෙන එද්දි ,නොසිතුව මොහොහොතක මගේ නෙත ගෑටුන දසුනෙන් ඈගහිරි වෑටියන්නාසේම මගේ දෑස් මටම අදහාගන්න බෑරි උනා.මා සිටින දෙසට සෙමින් සෙමින් පියමනිමින් සිටියේ මා කලක් මගේ ජිවිතයම කොට සෑලකුව මගේ පුංචි සුරන්ගනාවි.ඒත් එදා මා ඈගේ දුටු කෝමල බව අද ඈයතුල දකින්න ලෑබුනේ නෑහෑ.ඈය සමග සිටි කුඩා දියනිය ඈයගේ විය යුතු බව මට හෑගුනේ ඒ මුහුනුවරම නිසාවෙනි.සෙමින් සෙමින් මා වෙතට පෑමිනි ඈය ,ඈයටම ආවේනික වු සිනහාවෙන මට සංග්රහකලේ මගේ මතකය අවුරුදු ගනනකට ඈතට ගෙන යමින්.ඈයගේ පෙර මා දුටු කෙලිලොල් බව ඈගෙන බොහෝ ඈතට ගොස් තිබුනා,ඒවෙනුවට ඈයගෙන් මට පිලිබිබු වුනේ පරිපුර්න ගෑහෑනියකගේ ස්වරුපය.මා සමග ඈයගේ තොරතුරු පවසමින් බොහෝ සුහදව දොඩමලු වු ඈය මගෙන් වෙනවී යන මොහොතේ තුනී තෙතමනයක් දෙනෙතෙහි රදවා ගෙන බව සිහිවන විට ඈය පිලිබද මගේ සිතට ගෙන් දුන්නේ මට හිමිව තිබු වස්තුවක් මට පෙනි පෙනිම අහිමිවි ගියා කියන දුකක්.කාලයක් මගේ උන ඒ වස්තුව අද මට ආගන්තුක බවක් ගෙන දුන්නත් ,මම ඒ ආගන්තුක බවට දොස්පවරන්නේ නෑහෑ.
එදා ඒ සිදුවිමෙන් පස්සේ දවස් ගනනක් යනතෙක් මගේ සිතේ ඈයගේ මතකය සක්මන් කෙරුවත් නෑවතත් සුපුරුදු කාර්යබහුලකම හා ඒකාකාරීබව සමග ඒ සිදුවීම මගෙන් ඈතට ගියත් අද මේ සටහන ලියන මොහොතෙත් ඒ ආගන්තුක බවට පිටුපාලා හෑමදාම තියෙන මගේ ඒ ආත්මීය බෑදිම පෙරට එනවා.
ගාලුකොටු බෑමි ඉවුරේ- කවි කිවු සදවතිය
තුරුල් වී පපුතුරුලේ- ලංව සිටි අතීතය
ඈත යන රුවල් නෑව- දෙස බලා කියු දෙය
සුලග නෑති රුවලකට- සමානයි ආදරය..
නාදුනන ඔහුගේ සිතේ-මල් සිනහා පෙන්නන
මහාමෙරක් මගේ ස්නෙහේ-පසෙකලා පෑනයන්න
නාදුනන ඔහු වෙතට -බය නෑද්ද ලංවෙන්න..
පෙර මගේම වුව නුබ-අහිමි වු බව සෑබෑයි
ආගන්තුකය වූ-සදවතිය ඔබ මගේයි...............

ගජමන් නෝනා නැත අද කවි ලියන්නට
ReplyDeleteනුග ගස ඇතත් දෙනිපිටියේ පාර ලග
තව තව වැඩි වැඩියෙන් කවි ලියන්නට
වරමක් ලැබේවා නව ගජමන් නෝනාට
TnQ taba ..... :)
ReplyDelete